චීන රජයේ ආහාර ආධාර ඇෆ්ගනිස්ථාන ජනතාව අතර බෙදා හැරේ
2022-04-24 11:27:28
Share with:

ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයේ සරණාගතයින් පිළිබඳ අමාත්‍යංශය අවශ්‍යතා සහිත 1500 දෙනෙකුට චීන රජය සැපයූ ආහාර ආධාර බෙදා දෙයි.

මේ මස මුල දී චීන රජය ඇෆ්ගනිස්ථානයට ලබා දුන් 5වැනි කාණ්ඩයේ මානුෂීය ආහාර ආධාරය මෙයයි.

ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයේ සරණාගතයින් පිළිබඳ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ, එහිදී සෑම පුද්ගලයෙකුටම චීන රජය විසින් සැපයූ සහල් කිලෝග්‍රෑම් 50 ක් බැගින් පරිත්‍යාග කළ බවයි.

දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඇෆ්ගනිස්ථානයට චීන රජය ආධාර සැපයීම පිළිබඳව, ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජය ස්තුතිය පළ කරන බවද , එම ප්‍රකාශකයා පැවසීය.

ඇෆ්ගනිස්ථානය දැනට දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටී.

චීන රජය පසුගිය සැප්තැම්බර් මාසයේ ප්‍රකාශ කළේ, ධාන්‍ය, ශීත කාලීන සැපයුම්, එන්නත් සහ ඖෂධ ඇතුළු, චීන යුවාන් මිලියන 200ක වටිනාකම් සහිත හදිසි මානුෂීය ආධාර ඇෆ්ගනිස්ථානයට සපයන බවයි. මේ දක්වා ඊට අදාළ ආහාර ආධාර ටොන් 6220ක් ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම