“ගෝලීය ආරක්‍ෂක වැඩපිළිවෙළ" කාලීන වශයෙන් වැදගත් යෝජනාවක්
2022-04-24 11:03:47
Share with:

චීන ජනාධිපතිවරයා බෝආඕ ආසියා සංසදයේ 2022 වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවයට වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් ප්‍රධාන දේශනය කළ අවස්ථාවේදී යෝජනා කළ  “ගෝලීය ආරක්‍ෂක වැඩපිළිවෙළ" කාලීන වශයෙන් වැදගත් යෝජනාවක් බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. මෙම මුලපිරුම කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින ආරක්ෂක අභියෝගයන්ට ආමන්ත්‍රණය කළ හැකි මුලපිරුමක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය කියා සිටී. කොරොනා වසංගතය සමස්ත ලෝකයට විශාල අභියෝගයක් වී තිබේ. මෙවැනි ගෝලීය ගැටළුවකට සමස්ත ලෝකයක් ලෙසට මුහුණ දීමට යාන්ත්‍රණයක් නොමැති වීමෙන් එය ජය ගැනීම අපහසු වී තිබේ.‍ එවැනිම ආකාරයකට ගෝලීය වශයෙන් යම් දිනෙක ආ‍රක්ෂක ගැටළුවක් මතු වුවහොත් ඊට මුහුණ දීමට සමස්ත ලෝකයම සම්බන්ධ වන ආරක්ෂක වැඩපිළිවෙලක් අවශ්‍යය. චීන ජනාධිපතිවරයා යෝජනා කළ“ගෝලීය ආරක්‍ෂක වැඩපිළිවෙළ මෙම හිස්තැන පිරවීමට සමත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇය කියා සිටී. වත්මන් ලෝකයේ ආසියාවට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ. විශේෂයෙන් ලෝක ආර්ථික ශක්තියෙන් විශාල කොටසකට ආසියාව දායක වෙයි. ආසියාවේ ඇති ශක්තිය ඉදිරියට ‍ගෙන යා යුතු බවට චීන ජනාධිපතිවරයා දැක්වූ අදහස් ආසියාවේ ඉදිරි වර්ධනයට තවදුරත් ප්‍රබල බලයක් ගෙන එනු ඇතැයි ද ඇය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම