“ගෝලීය ආරක්‍ෂක මුලපිරුම සමස්ත ලෝකයේම කාලීන අවශ්‍යතාවකි” - ෂර්ලි අනිල් ද සිල්වා
2022-04-24 10:21:12
Share with:

චීන ජනාධිපති ෂී ජීන් පිං මහතා බෝආඕ ආසියා සංසදයේ 2022 වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් පැවැත්වූ  ප්‍රධාන දේශනය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයට ලක්ව ඇත්තේ, ගෝලීය ආරක්‍ෂක වැඩපිළිවෙළක් සමස්ත ලෝකයටම ඉතා වැදගත් වන නිසා බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, සම්මානනීය ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා පෙන්වාදෙයි.

චීන ජනාධිපතිවරයා මෙම සංසදයේදී “ගෝලීය ආරක්‍ෂක වැඩපිළිවෙළ”ක් ලොවට හඳුන්වා දී තිබේ. "ආරක්ෂාව යනු සංවර්ධනයේ කේන්ද්‍රය වන අතර මානව වර්ගයා යනු වෙන් කළ නොහැකි ආරක්ෂක ප්‍රජාවකි" යන්න හෙතෙම මෙහිදී අවධාරණය කළ අදහසයි.

මෙම ගෝලීය ආරක්‍ෂක මුලපිරුම චීනය විසින් ලොවට සපයන තවත් ජාත්‍යන්තර පොදු සංකල්පයකි. එය චීනය විසින් මීට පෙර ලෝක ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හඳුන්වා දුන් “එක් තීරයක් එක් මාවතක්”වැනි පුළුල් වැඩසටහනකි. එය සැබෑ බහුපාර්ශ්වවාදය මූර්තිමත් කරන අතර,  ලෝක සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනයට ඉන් මහඟු පිටුබලයක් සැපයෙනු ඇතැයි විශ්වාස කෙරේ. ගෝලීය පශ්චාත් වසංගත යුගයේ  ප්‍රකෘතිමත් භාවය සඳහා ද මෙයින් මනා ගාමක බලයක් ලැබෙනු ඇති බව ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේම එය චීනය සහ ආසියාව අතර ආරක්ෂක සහයෝගිතාව තර කරන අතරම, ආසියාවේ තිරසර නැගීසිටීම ද තහවුරු කරනු ඇතැයි ඔහු පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම