රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා සෙමෙන් සිදුවෙමින් පවතින බව රුසියානු විදේශ අමාත්‍යවරයා කියයි
2022-04-23 15:23:04
Share with:

රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා සෙමෙන් සිදුවෙමින් පවතින බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසයි.

රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා මේ බව පැවසුවේ, ඊයේ(22) මොස්කව්හිදී සංචාරයක නිරත කසක්ස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Mukhtar Tileuberdi මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීය. යුක්රේනය "දිනපතා විවිධ ප්‍රකාශ” කරයි. ඔවුන්ට මෙම සාකච්ඡා අවශ්‍ය නොවන බවක් එයින් පෙන්නුම් කෙරෙන බව Sergey Lavrov මහතා එහිදී සඳහන් කළේය.

පසුගිය15 වැනිදා රුසියාව විසින් යුක්රේනයට ගිවිසුම් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතත්, යුක්රේනය ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම