ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් චීන තානාපතිවරයා හමුවෙති
2022-04-23 16:15:48
Share with:

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් මෙරට  චීන තානාපතිවරයා හමුවෙති.  ශ්‍රී  ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහපාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු අතර එම හමුව සිදුවී තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව සාකච්ඡා කළ බවය. එමෙන්ම ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සහාය ලබාදෙන ලෙසද මෙහිදි එම මන්ත්‍රීවරුන්, චීන තානාපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, වීරසුමන වීරසිංහ සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් මෙම හමුවට සහභාගි වී ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම