ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්
2022-04-23 15:29:34
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් මැයි මස 04 වනදා පැවැත්වීමට නියමිතය. එදින පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා එම පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙනු ඇතැයි, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22)  පැවති, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුව මැයි 4, 5 සහ 6 යන තෙදින රැස්වීමට නියමිතය.

මේ අතර, කථානායකවරයා වෙත මේ වන විට ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ලබන 28 වනදා රැස්වන බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම