ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50 ක තවත් මුල්‍යාධාරයක්
2022-04-22 15:28:24
Share with:

ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 50 ක තවත් මුල්‍යාධාරයක් සැපයීමට ඉන්දියාව ඉදිරිපත් වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැපයීමට නියමිත ආධාර ලැබීමට තවත් මාස 6 ක් පමණ ගතවනු ඇත. එහෙත් ඉන්ධන , ඖෂධ ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට මුදල් වෙන් කළ යුතු බව ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දීමට නියමිත ආධාර කොටස් වශයෙන් ලැබෙනු ඇතැයි ද ඔහු සඳහන් කරයි. ඉන්ධන ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා මීට පෙරද ඉන්දියාව ඇමරිකානු ඩොලර් කෝටි 100 ක මුල්‍යාධාරයක් සැපයීය. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය රජය සමග පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම මුල්‍යාධාරය මෙරටට ලැබිණ. ඉන්දීය ණය පහසුකම් යටතේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40 දහසක් රැගත් තවත් නෞකාවක් පසුගිය බදාදා මෙරටට ළගා විය. ඒ අනුව ගෙවි ගිය මාස දෙක තුල ඉන්දීය ආධාර යටතේ මෙරටට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 4 කට ආසන්නය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම