වසංගතයෙන් පසු ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට සංචාරක ව්‍යාපාරයෙන් ශක්තිමත් පිටුබලයක්
2022-04-22 10:06:25
Share with:

වසංගතයෙන් පසු ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ රැකියා උත්පාදනය සඳහා සංචාරක ව්‍යාපාරය වැදගත් බලවේගයක් වනු ඇතැයි ලෝක සංචාරක කවුන්සිලය පවසයි. ලෝක සංචාරක කවුන්සිලයේ 21 වැනි ගෝලීය සමුළුව ඊයේ (21) පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ විය. සමුළුවේදී නිකුත් කරන ලද "ආර්ථික බලපෑම් වාර්තාව"  ඒ බව පෙන්වා දුන්නේය.

එම වාර්තාවට අනුව, ඉදිරි වසර දහය තුළ ගෝලීය සංචාරක කර්මාන්තයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.8% දක්වා ළඟා වනු ඇත. ආසියා ශාන්තිකර කලාපයේ සංචාරක ව්‍යාපාරය සැලකිය යුතු ප්‍රකෘතිමත් භාවයක් අත්පත් කරගනු ඇතැයි වාර්තාව පවසයි. ඉදිරි වසර දහය තුළ, ආසියා ශාන්තිකර කලාපයේ සංචාරක ව්‍යාපාරයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 8.5% දක්වා ළඟා වනු ඇති අතර, එමඟින් නව රැකියා මිලියන 77 කට ආසන්න ප්‍රමාණයක් බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම