හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසයි
2022-04-22 15:24:55
Share with:

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අතර හමුවක් ඊයේ (21) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය. 

 දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය එහිදී පැසසුමට ලක් විය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපතිවරයා දැනුවත් කර ඇත.

 චීන රජයේ සෘජු සහයෝගය, පලාත් රජයන්හී සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට චීන තානාපතිවරයා එහිදී සහතික විය.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය සහල් ටොන් 5000ක්, ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී ඇත.

තවද, යුන්නාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජයක් පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම