ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාර දෙකකින් 34 දෙනෙකු ජීවිතක්ෂයට
2022-04-22 13:41:34
Share with:

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාර දෙකකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

එරට උතුරු ප්‍රදේශයේ Balkh පළාතේ අගනගරය වන Mazar-i-Sharif හි පිහිටි පල්ලියක් හා Kunduz පළාතේදී බස්රථයක් ඊයේ(21)  බෝම්බ ප්‍රහාරවලට ලක්විය. පල්ලියේ ප්‍රහාරයෙන් 30 දෙනෙකු මිය ගිය අතර, 80 දෙනෙක් තුවාල ලැබූහ. Kunduz පළාතේ Kunduz අගනුවරට තදාසන්න ප්‍රදේශයේ හමුදා සේවකයන් සිටි බස් රථය මාර්ගයේදී බෝම්බ ප්‍රහාරයට ලක්ව තිබේ. ඉන් හතර දෙනෙකු මියගොස්, 22 දෙනෙකු තුවාල ලැබූ බව ප්‍රාදේශීය නිලධාරියෙක් මාධ්‍ය වෙත හෙළි කළේය.

මෙතෙක් කිසිදු සංවිධානයක්  එම ප්‍රහාර පිළිබඳ  වගකීම භාරගෙන නොමැත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම