ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අගමැති ගෙන් උපදෙස්
2022-04-21 15:14:42
Share with:

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දෙයි.

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් දුන්නේය.

තමන් විසින් මෙයට පෙර යෝජනා කළ පරිදි හෙද අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

දැනට දිවයින පුරා හෙද විද්‍යාල 17ක් තුළින් හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට එක්වන අතර සේවා අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක හෙද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම