චීන හා ඇමරිකා ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක්
2022-04-21 09:57:11
Share with:

 

චීන ජාතිකාරක්ෂක අමාත්‍යවරයා හා  ඇමරිකානු  ආරක්ෂක ලේකම්වරයා දුරකථන සංවාදයක නිරත වෙති.

  ඊයේ (20) එම සංවාදය පැවැත්විණ. චීන ජාතිකාරක්ෂක ඇමති වෙයි ෆෙං හ මහතා එහිදී කියා සිටියේ ඇමරිකාව සමග ස්ථාවර හා විධිමත් සම්බන්ධතාවක් ගොඩ නැගීමට චීනය කැමති  බවයි. තායිවාන ප්‍රශ්නය නිසියාකාරයෙන් විසඳා නොගතහොත් එය ද්විපාර්ශ්වික සබඳතාවට බරපතල බලපෑමක් වනු ඇත. චීන හමුදා ජාතික ස්වාධිපත්‍යය,ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්ෂා කරන බව ඔහු අවධාරණය කළේ ය. ඇමරිකාව විවෘත ආකල්පයකින් චීනය සමග හමුදා ක්ෂේත්‍රයේ හුවමාරු හා සහයෝගිතාව ශක්තිමත් කරනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් Lloyd Austin මහතා එහිදී පැවසීය. ඇමරිකාව සැමවිටම එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

එම සංවාදයේදී දෙපාර්ශ්වය ගුවන් හා මුහුදු ආරක්ෂාව සහ යුක්රේන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්හ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම