යුරෝපා කවුන්සලයේ සභාපතිවරයා යුක්රේනයේ නිල සංචාරයක
2022-04-21 10:50:26
Share with:

යුරෝපා කවුන්සලයේ සභාපති Charles Michel මහතා ඊයේ(20) යුක්රේනයේ නිල සංචාරයක නිරත වෙමින්, Kyiv නුවර දී එරට ජනාධිපති Volodymyr Oleksandrovych Zelensky මහතා හමු විය.

යුක්රේන ජනාධිපති වෙබ් අඩවියේ වාර්තාවලට අනුව, මෙම හමුවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී, යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, යුක්රේනය  යුරෝපා සංගමයට එක් වීම සම්බන්ධයෙන්, යුරෝපා සංගමය ඡන්ද විමසීමක් පවත්වනු ඇති බවට යුක්රේන පාර්ශ්වය බලාපොරොත්තු වන බවයි. යුරෝපා සංගමයේ සාමාජිකත්ව අපේක්ෂක තත්ත්වය යුක්රේනයට ලබා දීම සම්බන්ධයෙන්, ජූනි මස අවසන් වන විට යුරෝපා සංගමය තීරණයක් ගනු  ඇති බව යුරෝපා කවුන්සලයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

රුසියාවට එරෙහි හයවන වටයේ සම්බාධක හැකි ඉක්මනින් අනුමත කරන ලෙසට  Zelensky මහතා යුරෝපා සංගමයෙන් ආයාචනා කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම