G7, යුරෝපා සංගමය හා NATO සංවිධානය යුක්රේනය පිළිබඳ සමුළුවකට එක්වෙති
2022-04-20 10:06:30
Share with:

G7 කණ්ඩායමේ, යුරෝපා සංගමයේ හා NATO සංවිධානයේ නායකයෝ යුක්රේන තත්ත්වය පිළිබඳ සමුළුවක් වීඩියෝ ආකාරයෙන් පවත්වති.

ඊයේ(19) පැවති එම සමුළුවේදී, යුක්රේන තත්ත්වය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කළ ඔවුහු, හැකි තරම් කඩිනමින් සටන් විරාමය සිදු විය යුතු බව අවධාරණය කළහ. තවදුරටත් සම්බාධක පැනවීම ඇතුළු පියවර ගැනීමෙන් රුසියාව කෙරෙහි වැඩි පීඩනයක් එල්ල කළ යුතු බවට ද විවිධ පාර්ශ්වයන්ගේ එකඟතා ප්‍රකාශ කෙරිණ. රුසියාවේ බලශක්ති සැපයුම මත යැපීම අඩුකිරීම සඳහා බලශක්ති ප්‍රභව විවිධාංගීකරණය කිරීමේ පොදු ප්‍රතිඥාව සාක්ෂාත් කිරීමට ද මෙම නායකයන්ගේ අවධානය යළි යොමුව තිබේ.

මේ අතර, ඇමරිකානු ජනාධිපති Joe Biden , බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson සහ කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau යන මහත්වරුන් ඇතුළු නායකයෝ ද ඊයේ(19) වීඩියෝ සමුළුවකට එක්වූහ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේනයට තවදුරටත් වැඩියෙන් අවි ආයුධ සපයන බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම