මෙරට වත්මන් ආර්ථික තත්ත්වය පාලනය සදහා මුදල් අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට
2022-04-20 16:01:03
Share with:

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය පාලනය සදහා මුදල් අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වෙයි . ශ්‍රි ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන කඩිනම් හා වේගවත් මුල්‍ය සම්පාදනයක් සැපයිම සම්බන්ධයෙන් සලකා බලන බවද එම අරමුදල සදහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර්ලිනා ජෝර්ජියා සහ ශ්‍රි ලංකා නියෝජිත පිරිස අතර අමෙරිකාවේ වොෂිංටන් හිදි කළ සාකච්ඡාවකදි ඒ බව සදහන් කෙරිණ.

මුදල් ඇමති අලි සබ්රි, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ශ්‍රි ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වෙති.

එහිදී ශ්‍රි ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සමනය කිරිමට මුදල් ඇමතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ගද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇගයිමට ලක්විය. ශ්‍රි ලංකා නියෝජිත පිරිස හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡා වට කිහිපයක් මේ දක්වා පවත්වා තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම