රුසියාව ක්ෂේත්‍ර රැසක බටහිර රටවල් මත රඳා පැවතීම පිළිබඳ ගැටළුව විසඳා අවසන්---රුසියානු විදේශ ඇමති
2022-04-20 15:43:59
Share with:

රුසියාව ක්ෂේත්‍ර රැසක බටහිර රටවල් මත රඳා පැවතීම පිළිබඳ ගැටළුව විසඳා ඇතැයි රුසියානු විදේශ අමාත්‍යවරයා පවසයි.

රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා ඊයේ(19) India Today සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී මේ බව පැවසීය.

රුසියා-යුක්රේන ගැටුම ආරම්භ වීමෙන් පසු බටහිර රටවල් රුසියාවට සම්බාධක ගණනාවක් පනවා ඇති අතර රුසියා‍වේ ආර්ථික හා සාමාජීය යනාදී විවිධ ක්ෂේත්‍රවලට එරෙහිව බාධා කර ඇත.

නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම ප්‍රතික්ෂේප කරමින් සිටින සෙසු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව Sergey Lavrov මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම