රඹුක්කන ප්‍රදේශයේ දී ඇති වු සිද්ධිය විමර්ෂනය කිරීම සදහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක්
2022-04-20 15:59:53
Share with:

රඹුක්කන ප්‍රදේශයේ දී ඊයේ(19) ඇති වු සිද්ධිය විමර්ෂනය කිරීම සදහා අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් දැනටමත් පත් කර ඇතැයි මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ අද(20) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

රඹුක්කනදී පොලීසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිති උපදේෂක මේ කමිටුවේ සෙසු සාමාජියන්වේ.

මෙම කමිටු වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඊට අමතරව මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණකයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් ද කර තිබෙන බවද ඔහු සදහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම