තුර්කි හමුදාව උතුරු ඉරාකයේ දේශසීමා හරහා එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව
2022-04-20 09:44:03
Share with:

තුර්කියේ ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(19) පළ කළ නවතම සටන් වාර්තාවට අනුව, තුර්කි හමුදාව ප්‍රහාරක යානා යොදාගනිමින් උතුරු ඉරාකයේ දේශසීමා හරහා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිති.

18වැනිදා අලුයම, උතුරු ඉරාකයේ සිටින Kurdistan කම්කරු පක්ෂයේ සන්නද්ධ හමුදාවට එරෙහිව, තුර්කි හමුදාව දේශසීමා හරහා ගොඩබිමින් සහ ගුවනින් ඒකාබද්ධ ප්‍රහාර එල්ල කර තිබේ.

ඉරාක ජනාධිපති මන්දිරය 19වැනිදා නිවේදනය කළේ, තුර්කි හමුදාව උතුරු ඉරාකයේ එල්ල කළ ප්‍රහාර,  තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් සේම,  රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම