ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරු 40ක් විපක්ෂයේ අසුන් ගනිති
2022-04-19 15:08:19
Share with:

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40ක් විපක්ෂයේ අසුන්ගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට තුළ පැනනැගී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටලු ගණනාවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

නව ඇමති මණ්ඩලයක් පත්කිරීමෙන් මෙම ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන බවට තමන් විශ්වාස නොකරන බවද හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එසේම තමන් ඇතුළු 40 දෙනා විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමක් නොවන බවත් විපක්ෂය තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම