ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා කෙරෙහි ඇමරිකාව ක්‍රියාත්මක කරන්නේ ප්‍රමාද ප්‍රතිපත්තියක් බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි
2022-04-19 10:56:33
Share with:

ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා කෙරෙහි ඇමරිකාව ක්‍රියාත්මක කරන්නේ ප්‍රමාද ප්‍රතිපත්තියක් බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි.

යුරෝපා සංගම් සම්බන්ධීකාරක, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ නියෝජ්‍ය මහලේකම්වරයා මගින්, ඉරානය සහ ඇමරිකාව අදහස් හුවමාරු කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Saeed Khatibzadeh මහතා ඊයේ (18) පැවසීය. ඉරානය ඉදිරිපත් කළ ප්‍රශ්න විසඳීමේ යෝජනාව කෙරෙහි ඇමරිකාවේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බව ද‍ හෙතෙම කියාසිටියේය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ අටවැනි වටයේ සාකච්ඡා 2021 වසරේ දෙසැම්බර් මස 27 වැනිදා වියානා නුවර දී ආරම්භ කෙරිණ. “බාහිර සාධක” හේතුවෙන් මේ වසරේ මාර්තු මස 11 වැනිදා එම සාකච්ඡා විරාමයකට එළඹුණු  බව ද වාර්තා විය.


 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම