වර්තමාන අභියෝග සහ දුෂ්කරතා කළමනාකරණය කිරීමේ වගකිම පැහැර නොහරින බව ජනාධිපතිවරයා පවසයි
2022-04-19 15:11:32
Share with:

කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකර අවංක කාර්යක්ෂ්මව, පිරිසිදු පාලනයකට කැපවන ලෙස ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

තමන් යටතේ ඇති ආයතන දුෂණයෙන් තොර ජනතා සේවයට කැපවන ආයතන බවට පත්කළ යුතුය. බොහෝ ආයතන බරපතල මුල්‍ය අර්බුද තත්ත්වයක පවතින හෙයින් රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත්කිරීම අමාත්‍යවරයා සතු වගකිමක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. නව කැබිනට් අමාත්‍යවරුන් අමතා ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

ආර්ථික අර්බුදය නිසා මතුවු ගැටඵ රැසකින් ජනතාව පිඩාවට පත්ව සිටිති. ඒ පිළිබඳ කනගාටු වන බව පැවසු ජනාධිපතිතුමා වර්තමාන අභියෝග සහ දුෂ්කරතා කළමනාකරණය කිරීමේ වගකිම පැහැර නොහරින බව සදහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම