දකුණු අප්‍රිකාවේ ගංවතුර විපත පිළිබඳව චීන ජනාධිපතිවරයා ගේ සංවේගය
2022-04-19 18:47:06
Share with:

දකුණු අප්‍රිකාවේ දරුණු ගංවතුර විපත පිළිබඳව චීන ජනාධිපතිවරයා සිය සංවේගය පළ කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(18) දකුණු අප්‍රිකා ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා වෙත විදුලි පණිවුඩයක්‍ යොමු කරමින් සිය සංවේගය පළ කළේ ය.

දකුණු අප්‍රිකාවේ KwaZulu-Natal පළාතේ අධික වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර විපතක් සිදු වූ අතර, විශාල ජීවිත  සහ දේපළ හානි සිදු විය. චීන රජය හා චීන ජනතාව වෙනුවෙනුත් තමා පෞද්ගලික වශයෙනුත් එම විපතෙන් ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව ශෝකය පළ කරමින් මිය ගිය අයගේ ඥාතීන්, තුවාල ලැබූවන් හා විපතට ලක් වූ ප්‍රදේශවල වැසියන් වෙත සිය අවංක සංවේගය පළ කරන බව  චීන ජනාධිපතිවරයා ගේ එම පණිවුඩයේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම