රුසියානු ආර්ථිකය පෙර නොවූ පීඩනයකට ලක්වීමෙන් පසුවත් යළි ස්ථාවර තත්ත්වයක් අත්පත් කරගෙන ඇතැයි එරට ජනපති කියයි
2022-04-19 10:55:27
Share with:

බටහිර රටවල් රුසියානු ආර්ථිකයට එල්ල කළ ක්ෂණික ප්‍රහාර අසාර්ථක වී ඇති බව රුසියානු ජනාධිපතිවරයා පවසයි.

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(18) පැවති වීඩියෝ සමුළුවේදී පැවසුවේ, රුසියානු ආර්ථිකය පෙර නොවූ පීඩනයකට ලක්වීමෙන් පසු යළිත් ස්ථාවර තත්ත්වයක් අත්පත් කරගෙන ඇති බවයි.

මෑතකදී බටහිර රටවල් පැනවූ සම්බාධක රුසියානු ආර්ථිකයට එල්ලවූ ප්‍රධාන අහිතකර සාධක වේ. එහෙත්, සම්බාධක පැනවූ රටවල්වලටම එයින් හානි සිදුව ඇත. ඇමරිකාව හා යුරෝපා රටවල ආර්ථික දර්ශක බරපතල අර්බුද පෙන්නුම් කරමින්, උද්ධමන හා විරැකියා අනුපාතය ඉහළ මට්ටම්වල පවතින බව රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, රූබල් මුදල් ඒකකයේ විනිමය අනුපාතය පසුගිය පෙබරවාරි මාසයේ පැවති මට්ටමට යළි පැමිණ ඇත. සිල්ලර අලෙවි අවශ්‍යතාව යළි යථා තත්ත්වයට පත්වෙමින් උද්ධමන තත්ත්වය ද ක්‍රමයෙන් පහ ව යන බව Vladimir Putin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම