ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් යුක්රේනයට පැමිණෙන ආයුධ සහ උපකරණ විශාල ප්‍රමාණයක්, තම හමුදා විනාශ කර ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියයි
2022-04-19 10:33:10
Share with:

ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් යුක්රේනයට පැමිණෙන ආයුධ සහ උපකරණ විශාල ප්‍රමාණයක්, රුසියානු හමුදා විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියයි. අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ(18) මේ බව පැවසීය.

18වැනිදා උදෑසන, රුසියානු ගුවන් හමුදාව අධි නිරවද්‍යතාවකින් යුතු මිසයිල මගින්, බටහිර යුක්රේනයේ Lviv කලාපයේ ලොජිස්ටික් ආධාරක මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ. ගෙවී ගිය දින 6 තුළ ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් යුක්රේනයට ප්‍රවාහනය කරන ලද ආයුධ සහ උපකරණ විශාල ප්‍රමාණයක්, මෙම ප්‍රහාරවලින් විනාශ කර ඇති බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා ඊයේ(18) රාත්‍රියේ වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් පැවසුවේ, රුසියානු හමුදා Donbass කලාපයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වෙමින් පවතින බවයි. මේ සඳහා රුසියානු හමුදා දිගු කලක් තිස්සේ සූදානම් වෙමින් සිටින අතර, මෙම ප්‍රහාරය සඳහා රුසියානු හමුදාව සැලකිය යුතු භටයන් ප්‍රමාණයක් යොදවා ඇත. Donbass කලාපයේ රුසියානු හමුදා කොපමණ යොදවා සිටියද යුක්රේනය අඛණ්ඩව සටන් කරන බවත්, යුක්රේනයට අයත් කිසිවක් අත්නොහරින බවත්, යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම