පිලිපීනයේ සුළි කුණාටු විපත පිළිබඳව චීන ජනාධිපතිවරයා ගේ සංවේගය
2022-04-18 16:16:09
Share with:

පිලිපීනයේ සුළි කුණාටු විපත පිළිබඳව චීන ජනාධිපතිවරයා සිය සංවේගය පළ කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(17) පිලිපීන ජනාධිපති Rodrigo Duterte මහතා වෙත ශෝක පණිවුඩයක්‍ යොමු කරමින් සිය සංවේගය පළ කළේ ය.

චීන රජය හා චීන ජනතාව වෙනුවෙනුත් තමා පෞද්ගලික වශයෙනුත් එම විපතෙන් ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව ශෝකය පළ කරමින් මිය ගිය අයගේ ඥාතීන් සංවේගය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව චීන ජනාධිපතිවරයා ගේ එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

චීනය පිලිපීනයට හැකි පමණින් ආධාර ලබා දීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා  සඳහන් කළේය.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා ඒ සම්බන්ධයෙන් පිලිපීන විදේශ අමාත්‍ය Teodoro Locsin මහතා වෙත ශෝක පණිවුඩයක්‍ යොමු කරමින් සිය සංවේගය පළ කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම