සීමාවන්ට යටත්ව ඉන්ධන ලබා ගනිමින් ඉදිරි දින කිහිපයේ ඉන්ධන කළමනාකරණය කර ගන්නා ලෙසට ඉල්ලීමක්
2022-04-18 14:59:49
Share with:

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් නියම කළ සීමාවන්ට යටත්ව ඉන්ධන ලබා ගනිමින් ඉදිරි දින කිහිපයේ ඉන්ධන කළමනාකරණය කර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවීම වැළැක්වීම හා මුදල් ගනු-දෙනු සඳහා ගතවන කාලය සීමා කර ගැනීම වැනි හේතූන් මත මෙලෙස සීමාසහිතව ඉන්ධන නිකුත් කිරීමට සංස්ථාව තීරණය කළ බව පෙන්වා දෙන සභාපතිවරයා මෙම සීමා පැනවීම දින කිහිපයකට පමණක් බලපාන බවද අවධාරණය කළේය.

මේ වන විට ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය පරිදි ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ද කඩිනම් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම