සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිඳු සූදානමක් නැහැ- ආරක්ෂක ලේකම්
2022-04-18 14:53:24
Share with:

සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිඳු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය විසින් එවැනි සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය දෙන බවද කියා සිටී.

සාමකාමී ලෙස විරෝධතාවේ යෙදෙන අය අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මඟින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් කර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිම සත්‍යතාවක් නැති බවද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බවද ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම