නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක්
2022-04-18 14:47:41
Share with:

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් දිවුරුම් දෙති

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔවුහූ දිවුරුම් දුන්හ.

දිවුරුම් දුන් අමාත්‍යවරුන් අතර  දිනේෂ් ගුණවර්ධන මහතා  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසට කටයුතු කරයි.රමේෂ් පතිරණ මහතා  අධ්‍යාපන, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා යි.ප්‍රසන්න රණතුංග මහතා  මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දුන්නේය.දිලුම් අමුණුගම මහතා  ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී තිබේ. නාලක ගොඩහේවා මහතා  ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් චන්න ජයසුමන මහතා  සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදුවී නොමැත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම