රුසියාවේ තර්ජනාත්මක ආකල්පය ප්‍රතික්ෂේප කරන බව යුක්රේන ජනාධිපතිවරයා කියයි
2022-04-18 11:00:21
Share with:

         යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත් නොහරින බව එර‍ට ජනාධිපති Volodymyr Oleksandrovych Zelensky මහතා අවධාරණය කරයි.

         ඊයේ (17) ඇමරිකාවේ CNN ආයතනය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්නොහරින බවයි. Donbas ප්‍රදේශයේ සටනට යුක්රේන හමුදා සූදානමින් සිටින බවත්, එම සටන යුක්රේන-රුසියානු යුද්ධයේ දිශාවට බලපාන බවත්, Zelensky ජනාධිපතිවරයා එහිදී පැවසීය. රුසියානු හමුදා Kiev නගරයෙන් සහ Chernikov ප්‍රාන්තයෙන් ඉවත් වී තිබේ. එහෙත් රුසියානු හමුදා Donbas ප්‍රදේශය ග්‍රහණයට ගතහොත් යළි Kiev නගරය වෙත පැමිණීමට ඉඩ තිබෙන බව ඔහු කියා සිටී. සාම සාකච්ඡා පැවැත්වීම යුක්රේනය පිළි ගත්තද රුසියාවේ තර්ජනාත්මක ආකල්පය ප්‍රතික්ෂේප කරන බව යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම