චීනයේ Sinovac සමාගමේ ආධාර යටතේ ඊජිප්තුවේ එන්නත් ශීතාගාර ව්‍යාපෘතිය ඇරඹේ
2022-04-17 16:38:01
Share with:

චීනයේ Sinovac සමාගමේ ආධාර යටතේ ඊජිප්තුවේ එන්නත් ශීතාගාර ව්‍යාපෘතිය ඇරඹේ.

ඉකුත් 14 වැනිදා එම ව්‍යාපෘතියේ මුල්ගල තැබීමේ උත්සවය පැවැත්විණ. ඊජිප්තුවේ චීන තානාපති Liao Liqiang මහතා සහ ඊජිප්තු උසස් අධ්‍යාපන අමාත්‍ය හා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය Khaled Abdel Ghaffar මහතා එම උත්සවයට සහභාගි වූහ.

Sinovac සමාගමේ ආධාර යටතේ ඉදිකෙරෙන එම නවීන එන්නත් ශීතාගාර ව්‍යාපෘතිය මගින් මෙම වසරේ මැද භාගයේ දී ඊජිප්තුවේ එන්නත්කරණ අනුපාතය 70% කට ළඟා වීමට අපේක්ෂා කරන බව Liao Liqiang මහතා එහිදී පැවසීය. චීන රජය සහ චීන ජනතාව ඊජිප්තුවේ සෞඛ්‍ය කටයුතුවලට ලබා දුන් දිගුකාලීන සහාය පිළිබඳව Khaled Abdel Ghaffar මහතා කෘතඥතාව පළ කළේය.

එම එන්නත් ශීතාගාර ව්‍යාපෘතිය චීන රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ ඊජිප්තු ශාඛාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. වර්ග මීටර් 2800 ක වපසරියකින් යුත් එම එන්නත් ශීතාගාරය සම්පූර්ණ කිරීමෙන් පසු එන්නත් මාත්‍රා මිලියන 150 ක් ගබඩා කළ හැකිය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම