යුක්රේන -රුසියා සටන් විරාම ගිවිසුමේ අවසන් එකඟතාව ලිපි දෙකකින් සමන්විතවන ලකුණු
2022-04-17 15:24:04
Share with:

යුක්රේන -රුසියා සටන් විරාම ගිවිසුමේ අවසන් එකඟතාව ලිපි දෙකකින් සමන්විත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසයි.

ඊයේ(16) යුක්රේන මාධ්‍ය ඒකාබද්ධ සාකච්ඡාවකට එක්වූ Volodymyr Zelensky මහතා මේ බව ප්‍රකාශ කළේය. යුක්රේන -රුසියා සටන් විරාම පිළිබඳ ගිවිසුම දෙපාර්ශ්වයේ කොටස් වෙන් වෙන්ව ඇතුළත් විය හැකි බව හෙතෙම සඳහන් කළේය. යුක්රේන ආරක්ෂාව සහතික කිරීමේ ගිවිසුම සහ යු‍ක්රේන -රුසියා ද්විපාර්ශවික ගිවිසුම යන ගිවිසුම් දෙකක් ඊට ඇතුළත්ය.එමෙන්ම රුසියාව යු‍ක්රේනයට එල්ල කළ ප්‍රහාරයෙන් සිදුවූ හානි සඳහා වන්දි ලබා ගැනීමේ ප්‍රශ්නය නිත්‍යනුකූලව විසඳා ගත යුතු බව ද හෙතෙම කියා සිටියේය.  

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම