විරෝධතා හේතුවෙන් සංචාරක කර්මාන්තයට බාධා
2022-04-17 15:45:17
Share with:

රට තුළ මේ වන විට ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක කර්මාන්තයට බාධා මතුව ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසයි. මේ නිසා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සෘජු සහ වක්‍ර රැකියාවල නිරත ලක්ෂ 30 කට ආසන්න පිරිසක් දුෂ්කරතාවයට පත්වන බව එම අමාත්‍යංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමට ලක්විය. එහෙත් රජය ගෙන ගිය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මගින් එම කර්මාන්තයේ වර්ධනයක් සිදුවිය. පසුගිය මාර්තු මාසයේ පමණක් විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම