පාකිස්ථාන හමුදා රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් සොල්දාදුවන් හත් දෙනෙක් ජීවිතක්ෂයට
2022-04-16 15:27:53
Share with:

පාකිස්ථාන හමුදා රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් සොල්දාදුවන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

පාකිස්ථාන හමුදාව ඊයේ (15) කළ ප්‍රකාශයට අනුව, ඉකුත් 14 වැනිදා වයඹදිග පාකිස්ථානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේදී එරට හමුදා රථ පෙළක් ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්විය. එම ප්‍රහාරය සිදු වූයේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාව අසළදීය. ඉන් සොල්දාදුවන් හත් දෙනෙකු සහ ත්‍රස්තවාදීහු 4 දෙනෙක් මිය ගියහ.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම