ඉන්ධන අර්බුදය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්
2022-04-16 16:11:05
Share with:

පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා  අදාළ පාර්ශ්ව සාකච්ඡාවකට කැඳවයි. එය අද (16) පස්වරුවේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහු ද එක්වූහ. පවතින ඉන්ධන අර්බුදය පිටුදැකීමේ පියවර රැසක් එහිදී අවධානයට ලක්ව තිබේ. එහිදී ගැනුණු තීරණ පසුව ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

මේ අතර, ඉදිරි දිනවල අඛණ්ඩව ඉන්ධන සැපයීම සඳහා සියලුම බවුසර් හිමියන්, තම බවුසර් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඉල්ලා සිටී.ඔහු පවසන්නේ, ප්‍රමාණවත් ඉන්ධන තොග දැනට සංස්ථාව සතුව පවතින බැවින් ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදු කළ යුතු බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම