රුසියාව යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් 18 දෙනෙකු නෙරපා හරී
2022-04-16 15:52:46
Share with:

රුසියාව විසින්,  ප්‍රතිචාර දැක්වීමේ පියවරක් ලෙස යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රිකයින් 18 දෙනෙකු, නෙරපා හරින ලද බව, එරට විදේශ අමාත්‍යාංශය 15 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම මස මුලදී රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 19 දෙනෙකු ‘පිළිගත නොහැකි පුද්ගලයන්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණයට විරෝධය පළ කිරීම මෙහි අරමුණයි. රුසියානු විදේශ අමාත්‍යාංශය යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි මාර්කස් එඩරර් වෙත අදාළ ‍විරෝධතා පළකළ බව ද එම නිවේදනයේ දැක්වේ.

 

යුරෝපීය සංගමයේ සතුරු ක්‍රියාවලට ප්‍රතිචාර වශයෙන්, රුසියාවේ රැඳී සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සේවය කරන සේවකයින් 18 දෙනෙකු 'පිළිගත නොහැකි පුද්ගලයන්’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, නුදුරු අනාගතයේ දී ඔවුන්ට රුසියානු භූමියෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම