යුක්‍රේනයේ ස්ථාපිත ඇමරිකානු ජෛව විද්‍යාගාර අර්බුදය ජගත් ප්‍රජාවේ උපරිම අවධානයට
2022-04-16 14:45:05
Share with:

රුසියානු- යුක්‍රේන අර්බුදයේදී අනාවරණය වූ, යුක්‍රේනයේ ස්ථාපිත ඇමරිකානු ජෛව විද්‍යාගාර ප්‍රශ්නය ජගත් ප්‍රජාවේ උපරිම අවධානයට ලක් වී තිබේ. මෙම වසරේ ඇමරිකාව එම විද්‍යාගාරවලදී පක්ෂීන්, වවුලන් හා උරගයින් පිළිබඳ රෝගකාරක විෂබීජ පර්යේෂණ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද, එම සතුන්ට  African Swine උණ වෛරස් හා ඇන්ත්‍රැක්ස් වෛරස් ශරීරගත කිරීමේ හැකියාව සොයා බැලීමේ පර්යේෂණ සිදු කරනු ඇතැයි ද රුසියාව විසින් සොයා ගැනුණු ලිපිලේඛනවල සඳහන් වේ. මාරාන්තික වෛරස්වල රහස් ව්‍යාප්තිය සඳහා ක්‍රමවේදයක් සැකසීම එහි අරමුණ බව ද එම ලේඛනවල දැක්වේ. මේ අනුව, ඇමරිකාව වවුලන් ජෛව අවි ලෙස යොදා ගැනීමේ ව්‍යාපෘතිය යු‍ක්‍රේනයේදී සිදුකර ඇත. ‍මේ වන විට වවුලන්ගේ පරපෝෂිත කෘමින් සහිත බහාලුම් 140ක් යුක්‍රේනයේ Kharkov ජෛව විද්‍යාගාරයෙන් පිටරටවලට යවා තිබේ.

ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට අනුව යුක්‍රේනයේ විද්‍යාගාර තිහකින් සමන්විත ජාලයක් ගොඩනගා තිබෙන බව රුසියානු ජාතිකාරක්ෂක අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ ලේඛනයකින් හෙළි වී ඇත. එම විද්‍යාගාර ක්‍රියාත්මක කෙරෙන්නේ ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඍජු නියෝග මත යි. ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ට යුක්‍රේනයේ පවතින එම සමස්ත ක්‍රියාකාරකම්වලට එක්වීමේ අයිතිය හිමි වන නමුත්, ඇමරිකාව විසින් නියම කර ඇති පරිදි ‘සංවේදී තොරතුරු’ ප්‍රසිද්ධ කිරීමට යුක්‍රේනයට හිමිකමක් නොමැති බව ද අනාවරණය වී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම