කොළඹ කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමේ
2022-04-16 17:03:38
Share with:

කොළඹ කොටස් වෙළඳපොළ ලබන 18 වැනිදා සිට දින 5ක කාලයක් සඳහා වසා දැමෙන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

කොළඹ කොටස් වෙළඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොටස් තැරැව්කරුවන්ගේ සම්මේලනය  ඉකුත් 15 වැනිදා ඒ පිළිබඳ ඉල්ලීමක් කර තිබුණේ, රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

 ඒ අනුව, දිවයිනේ වර්තමාන ආර්ථික වාතාවරණය පැහැදිලිව අවබෝධ කරගෙන සිය ආයෝජන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයන්‌ සහ අනෙකුත්‌ වෙළඳපොළ පාර්ශ්වකරුවන්ට අවස්ථාව සලසා දීම සඳහා ඉදිරි සතියේ ගනුදෙනු අත්හිටුවන බව, සුරැකුම්පත්‌ හා විනිමය කොමිසම නිවේදනය කර ඇත.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම