සියලු අමාත්‍යාංශවල වියදම් සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය
2022-04-15 16:32:43
Share with:

සියලු අමාත්‍යාංශවල වියදම් සීමා කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව සියලු අමාත්‍යාංශ සඳහා අදාළ වන විශේෂ චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය කියයි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අනවශ්‍ය විදයම් හැකිතාක් කපාහැරීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

රාජ්‍ය ආයතනවල සිදුවන විවිධ දූෂණ හා වංචා වැළැක්වීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද මුදල් අමාත්‍යාංශය පෙන්වාදී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම