චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවට වාසි සහගතයි
2022-04-15 14:08:08
Share with:

චීන ශ්‍රී ලංකා සබඳතා‍වන්හී විවිධ අංශවල දක්නට ලැබෙන වර්ධනය කැපී පෙනෙන බව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වාණිජ  මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා පවසයි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ වසර 65කට පෙර කාලය හා සැසඳීමේදී ‍මේ වන විට එම සබඳතාව ලෝකයේ අවධානයට ලක්වන මට්ටමට වර්ධනය වී ඇත.

දශක ගණනාවක් පුරා සෑම කල්හිම සිටින මිතුරන් දෙදෙනෙකු ලෙසට දෙරටේ සබඳතාව හැඳින්විය හැකිය. ආර්ථික අංශයේ මෙන්ම සංස්කෘතික හා සාමාජීය අංශයන් ගෙන් ද දෙරටේ සබඳතාව වර්ධනය වී තිබේ. වසංගත සමයේදී චීන‍ය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය කැපී පෙනේ. වත්මන් ශ්‍රී ලංකා‍ ආර්ථික අපහසුතාවලදී චීනය අවස්ථා කිහිපයකදී ම සිය සහාය ලබා දී ඇත. විශාල වෙළඳ හා ආයෝජන ශක්තියකින් යුත් චීනය සමග තවදුරටත් සබඳතා තහවුරු කර ගත යුතුය. එය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ඉලක්කයන් කරා යාමට විශාල පිටුබලයක් වනු ඇතැයි ද චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වාණිජ මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම