ඇමරිකාවේ සුන්දර වචන තුළ සැඟවුණු පිළිකුල් සහගත යථාර්ථය
2022-04-15 15:18:03
Share with:


‘යුක්‍රේන සරණාගතයන් ඇමරිකාවට එන්නේ නම්, අපි දෑත් විවර කර ඔවුන්ව පිළිගන්නවා.’--ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, උප ජනාධිපතිනි Kamala Harris,  රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන්, හා ධවල මන්දිරයේ පුවත් ලේකම් Jen Psaki ඇතුළු අය එවන් ප්‍රකාශ සිදු කර තිබෙනවා. එහෙත්, සුන්දර වචන කතාකරමින් පිළිකුල් සහගත දේ සිදු කිරීම, ඇමරිකාවේ සාමාන්‍ය පුරුද්දක්. යුක්‍රේන සරණාගත ප්‍රශ්නයේදීත් ඇමරිකාව එම ස්වභාවයම ප්‍රකට කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේ සිට මාර්තු මස මැද භාගය වන විට ඇමරිකාව යුක්‍රේන සරණාගතයන් 521 දෙනෙකු පිළිගෙන තිබුණා. රුසියානු- යුක්‍රේන අර්බුදය තියුණු ලෙස උග්‍රවූ මාර්තු මාසයේ යුක්‍රේන සරණාගතයන් අතිවිශාල පිරිසකට රටෙන් බැහැරව යාමට සිදු වූ විට, ඇමරිකාව පිළිගත් සංඛ්‍යාව 12ක් පමණයි. ඇමරිකාව උපරිම වශයෙන් යුක්‍රේන සරණාගතයන් ලක්ෂයක් පිළිගනු ඇති බවට මාර්තු මස 24 වනදා ජෝ බයිඩන් දුන් පොරොන්දුව හමුවේ, එම  සංඛ්‍යාව ඔවුන්ට කිසිසේත්ම නොතරම් අගයක් නොවේද?

මිලියන ගණනක යුක්‍රේන සරණාගතයන්, ඇමරිකාව ගෝලීයව ක්‍රියාත්මක කරන ආධිපත්‍ය ප්‍රතිපත්තියේ නව වින්දිතයින් බවට පත්ව සිටිනවා. ‘පශ්චාත් 9.11’ යුගයේදී, ඇමරිකාව විසින් දියත් කළ යුදවලින් සිවිල් වැසියන් තුන්කෝටි අසූ ලක්ෂයක් අවතැන්ව සිටින බවත් එය ඉතා ගතානුගතික ඇස්තමේන්තුවක් පමණක් බවත් ඇමරිකාවේ Brown විශ්ව විද්‍යාලයේ Watson ජාත්‍යන්තර හා පොදු කටයුතු පර්යේෂණ ආයතනය පවසනවා. එසේ අවතැන් වූ සැබෑ සංඛ්‍යාව හාරකෝටි අනූලක්ෂයක සිට හයකෝටිය අතර අගයක පැවතිය හැකි බව ද එම ආයතනය වාර්තා කර තිබෙනවා.



ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම