අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සෘජුව සැපයීමේ වැඩපිළිවෙළක්
2022-04-15 16:40:58
Share with:

අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සෘජුව සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, අපනයන සංවර්ධන මණ්ඩලය සහ පොල් සංවර්ධන මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවයි. එසේ නිකුත් කරන ඉන්ධනවල වටිනාකම ඩොලර්වලින් ගෙවන බවට අදාළ සමාගම් දන්වා තිබේ.

අපනයන ඉලක්ක කරගනිමින් සමාගම් 350 කට ඉන්ධන සැපයීමට දැනටමත් පියවර ගෙන ඇති බව, සංස්ථා සභාපතිවරයා පෙන්වා දෙයි. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස්හත්දහස් පන්සියයක් රැගත් නෞකා දෙකක් ඊයේ (14) දිවයිනට පැමිණ තිබේ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම