තවත් ඩීසල් නෞකාවක් අද දිවයිනට
2022-04-14 18:26:47
Share with:

ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් තවත් නෞකාවක් අද(14) දිවයිනට ළඟා වෙයි. ඉන්දීය ණය ආධාර යටතේ එම ඩීසල් තොගය මෙටට ලැබෙන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියයි.

නිතී විරෝධීව ඉන්ධන එක්රැස් කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන විවිධ ප්‍රකාශ සහ තොරතුරු හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති වී ඇතැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. දින 15 කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත සංස්ථාව සතුව පවතී. අවශ්‍ය තරම් ඉන්ධන තොග දිවයින පුරා පිරවුම්හල් වෙත බෙදා හැර තිබේ. එම නිසා පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ කිසිදු හැකියාවක් නැතැයි සංස්ථාව අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම