මෙම වසරේ G20 සමුළුවේ න්‍යාය පත්‍රයට යුක්රේන ප්‍රශ්නය ඇතුළත් වනු ඇති බව ඇමරිකාව කියයි
2022-04-14 11:17:36
Share with:

මෙම වසරේ G20 සමුළුවේ න්‍යාය පත්‍රයට යුක්රේන ප්‍රශ්නය ඇතුළත් වනු ඇති බව ඇමරිකානු ධවල මන්දිරය පවසයි.

13වැනිදා ඇමරිකානු ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි විය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියාව G20 සමුළුවට සහභාගී වීම තහනම් කිරීමට කැමැත්ත පළ කර තිබූ අතර මෙවර සමුළුවට අදාළ මාතෘකා පෙරට වඩා වෙනස් විය හැකි බවට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඇතැම් G20 රටවල් පවසා ඇත්තේ ආර්ථික සම්බන්ධ සංසදයක් වන G20 සමුළුව තුළ යුක්රේනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අසාධාරණ බවයි. ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරයේ  ප්‍රතිචාරය කෙසේදැයි වාර්තාකරුවෙක් එහිදී පැවසීය.

G20 සමුළුව පැවැත්වීමට තවත් මාස හතක් තිබෙන අතර න්‍යාය පත්‍රය තවමත් අවිනිශ්චිත බවත්, සමුළුවේදී යුක්රේන ප්‍රශ්න කෙරෙහි ලක්වන අවධානය කෙතරම් මට්ටමක පවතී ද යන්න මේ මොහොතේ තීරණය කළ නොහැකි බවත් ධවල මන්දිර මාධ්‍ය ලේකම් Jen Psaki පැවසුවාය. එහෙත් යුක්රේන ප්‍රශ්නය සහ අනාගත ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ගෝලීය ආර්ථිකයට ගැඹුරු බලපෑමක් ඇති කරන අතර එය සමුළුවේදී සාකච්ඡා කිරීමේ වරදක් නැති බව ද ඇය එහිදී සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම