යුක්‍රේනයේ ස්ථාපිත ජෛව පරීක්ෂණාගාරවල විනිවිද භාවය ඇමරිකාව සනාථ කළ යුතු බව ජගත් නිරීක්ෂකයෝ පෙන්වාදෙති
2022-04-13 17:21:25
Share with:

ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව යුක්‍රේනයේ ජෛව අවි පර්යේෂණ ව්‍යාපෘතිවලට ඍජුව එක්වීම පිළිබඳ නව සාක්ෂි රුසියාව සොයාගත් බව එරට ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Igor Konashenkov මහතා පසුගියදා දැනුම් දී  තිබෙනවා.

රුසියානු හමුදාව නිකුත් කළ අදාළ තොරතුරුවලට අනුව ඇමරිකාව, යුක්‍රේනයේදී ජෛව පරීක්ෂණ ව්‍යාපෘති රැසක් සිදුකර  තිබෙනවා. ඒ අතරින් Lviv හා කීව් යන ප්‍රදේශවල පැවැත්වෙන UP-8 ව්‍යාපෘතියේදී, හමුදා භටයින් හාරදහසක් පමණ Hantaan වෛරස් ප්‍රතිශක්ති පරීක්ෂණයට එක් වන බවත් හමුදා භටයින් හාර සියයක් පමණ Crimean-Congo hemorrhagic උණ වෛරස් ප්‍රතිශක්ති පරීක්ෂණයට එක් වන බවත් සඳහන්. UP-2 ව්‍යාපෘතියෙන්, ඇ‍න්ත්‍රැක්ස් රෝගවලින් මියගිය සතුන් භූමදාන කෙරුණු ස්ථානවල පස් සාම්පල එකතු කිරීම සිදුකෙරෙනවා.

රුසියාව විසින් අනාවරණය කළ කරුණු සමගම ඇමරිකාව යුක්‍රේනයේ සිදු කරන යුදමය ජෛව පරීක්ෂණ සම්බන්ධයෙන්  ජගත් ප්‍රජාවෙන් නැගෙන හඬ වඩා ව්‍යාප්ත වී තිබෙනවා. ඇමරිකාව යුක්‍රේනයේ එම ක්‍රියාකාරකම් සිදුකිරීමට බලපෑ හේතුව හා  එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණයෙන් තොරව පැවැත්වීමේ හේතුව පිළිබඳව මෙතෙක් පැහැදිලි වී නැතැයි බ්‍රිතාන්‍යයේ Leeds විශ්වවිද්‍යාලයේ පාරිසරික විෂ විද්‍යා  ආචාර්ය Alastair Hay මහතා පවසා තිබෙනවා.

ඇමරිකාව විසින් යුක්‍රේනයේ ස්ථාපිත සිය ජෛව පරීක්ෂණාගාරවල විනිවිද භාවය සනාථ කළ යුතු බවත්, ලෝකය අනතුරුදායක තත්ත්වයකට පත්වීමට පෙර ඇමරිකාව මේ පිළිබඳව සවිස්තරාත්මකව  පැහැදිලි කළ යුතු බවත් තුර්කියේ Bahçeşehir විශ්වවිද්‍යාලයේ ආරක්ෂක විශේෂඥයෙක් පෙන්වාදෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම