චීනය සමඟ සබඳතා වර්ධනය කරගැනීමට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙන බව පාකිස්ථාන නව අග්‍රාමාත්‍යවරයා පවසයි
2022-04-13 13:36:55
Share with:

නව පාකිස්ථාන රජය චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට විශාල වැදගත්කමක් ලබා දෙන බව පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා පවසයි.

Muhammad Shahbaz Sharif මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (12) ඉස්ලාමාබාද්හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී, පාකිස්ථානයේ වැඩබලන චීන තානාපති Pang Chunxue මහත්මිය හමුවූ අවස්ථාවේදී ය.

 පාකිස්ථානය, චීනය තම හොඳම මිතුරකු ලෙස සලකන බවත්, චීන ජනතාව සමඟ ඇති මිත්‍රත්වය අගය කරන බවත් Muhammad Shahbaz Sharif මහතා මෙහිදී පැවසීය. පාකිස්ථානය සහ චීනය සෑමවිටම එකිනෙකාට සහය වෙමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා සහයෝගයෙන් කටයුතු කර ඇති අතර, දෙරට අතර සබඳතාව, ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් ලෙස සැලකිය හැකිය. චීන නායකයන්ගේ රැකවරණය යටතේ, චීන- පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ ඉදිකිරීම් අඛණ්ඩව ඉදිරියට යමින් ඵලදායී ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම