ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි
2022-04-13 16:45:33
Share with:

ශ්‍රී ලංකා රජය, විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය, බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටවූ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනයට යොදාගැනේ.

පවතින තත්ත්වය හමුවේ ණය ගෙවීම අභියෝගයක් මෙන්ම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇති බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාවක් උදාකරගත යුතු බවත්, කොළඹ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා පැවසීය. දීර්ඝ කාලීනව ණය ගෙවීම් පැහැරහැරීම වළක්වා ගැනීම එමගින් අපේක්ෂිතයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විදේශීය මුදල් ආධාර බැර කිරීමට ළඟදීම නව ගිණුමක් හඳුන්වාදෙන බව ද මහබැංකු අධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම