න්‍යෂ්ටික සාකච්ඡාවලදී තම රටෙන් කළ " අධික ඉල්ලීම්" වලට අඛණ්ඩ විරෝධය දක්වන බව ඉරානයේ උත්තරීතර නායකයා කියයි
2022-04-13 11:09:10
Share with:

       

       න්‍යෂ්ටික සාකච්ඡාවලදී ඉරානයෙන් කළ " අධික ඉල්ලීම්" වලට දිගටම ප්‍රතිරෝධය දක්වන බව ඉරානයේ උත්තරීතර නායක Ayatollah Seyyed Ali Khamenei පවසයි.

       ඔහු එසේ පැවසුවේ ඊයේ (12) නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ය. එහිදී න්‍යෂ්ටික සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, එම සාකච්ඡාවලදී ඉරාන කණ්ඩායම කටයුතු කළ ආකාරය පිළිබඳ තමන් තෘප්තිමත් වන බවයි. මේ වනවිට ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා මනා ලෙස පවත්වාගෙන යමින් පවතී. එහෙත් ඒ අතරතුර ඉරානයෙන් කළ "අධික ඉල්ලීම්" වලට ඉරාන පාර්ශ්වය ප්‍රතිරෝධය දක්වා ඇත. ඉදිරියේදී ඉරානය එසේ දිගටම ප්‍රතිරෝධය දක්වනු ඇති බව Ayatollah Seyyed Ali Khamenei කියා සිටී. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සඳහා ලබා දුන් පොරොන්දු ඇමරිකාව කඩ කර ඇති බැවින් එයින් ඇති වූ ගැටළුවලට මුහුණ දීමට ඇමරිකාවට සිදු වී ඇතැයි ද ඉරානයේ උත්තරීතර නායකයා සඳහන් කර තිබේ.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම