රජය සමග සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන්ට ආරාධනා
2022-04-13 16:42:17
Share with:

ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව, රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම සඳහා විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතයි. විරෝධතාවයේ නිරත පිරිස සාකච්ඡා සඳහා සූදානම් නම්, තමා ඒ සඳහා එම  නියෝජිතයන්ට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටී.

මේ වනවිට විරෝධතාකරුවෝ පස්වන දිනයටත් අඛණ්ඩව විරෝධතාවයේ නිරත ව සිටිති.

දිවයින පුරා සිටින තරුණ තරුණයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වනදා මෙම විරෝධතාව ආරම්භ කෙරුණේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා සඳහා වෙන් කර ඇති භූමියේ කූඩාරම් ද සවි කර ගනිමිනි.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම