බටහිර සම්බාධකවලට මුහුණ දීම සඳහා රුසියාව හා බෙලරුස් අතර ඒකාබද්ධකරණය ශක්තිමත් කරන බව රුසියානු ජනපති කියයි
2022-04-13 13:08:18
Share with:

බටහිර සම්බාධකවලට මුහුණ දීම සඳහා, රුසියාව හා බෙලරුස් අතර ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන බව රුසියානු ජනාධිපති කියයි.

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ(12) රුසියානු ඈත පෙරදිග කලාපයේ නැගෙනහිර අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී, බෙලරුස් ජනාධිපති Alexander Lukashenko මහතා සමඟ එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙබව පැවසීය.

බෙලරුස් යනු රුසියාව සහ යුක්රේනය අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට සුදුසු වේදිකාවක් බව Vladimir Putin මහතා සඳහන් කළේ ය.

Alexander Lukashenko මහතා පෙන්වා දුන්නේ, රුසියානු විශේෂ හමුදා මෙහෙයුම්වලදී, කිසිවකුට රුසියාවේ පිටුපසට වෙඩි තැබීමට බෙලරුස් ඉඩ නොතබනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම