රුසියාවේ ඛණිජ තෙල් හා ගෑස් සඳහා සම්බාධක පැනවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම සාමාජික රටවල් අපොහොසත් වූ බව යුරෝපා සංගමය කියයි
2022-04-12 10:42:41
Share with:

රුසියාවේ ඛණිජ තෙල් හා ගෑස් සඳහා සම්බාධක පැනවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් අපොහොසත් වූ බව, එම සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නියෝජිත Josep Borrell මහතා පවසයි. ඔහු ඊයේ (11) මේ බව ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11) ලක්සම්බර්ග්හිදී රැස්වීමක් පැවැත්විණ. අදාළ සම්බාධක ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව යුරෝපා සංගමය තවදුරටත් සාකච්ඡා කරන බවත්, රුසියානු ආර්ථිකයට එම සම්බාධකවල බලපෑම සලකා බලන බවත් රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී Josep Borrell මහතා පැවසීය. යුරෝපා සංගමයේ ඇතැම් සාමාජික රටවල් රුසියානු බලශක්ති මත දැඩි ලෙස රඳා පවතින අතර, සම්බාධක පැනවීම එම රටවල් අතර අසමමිතික කම්පනයක් ඇති කරනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම